
ජලය නාස්ති කරන්න එපා පරිස්සමින් පාවිච්චි කරන්න ජනතාවගෙන් ඉල්ලීමක්
වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද දිවයින පුරා මේ වනවිට අඛණ්ඩ ජල සැපයුමක් තහවුරු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය නාස්ති නොකර අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
