හෙට සිට ලබන 28 දක්වා  මහනුවර සුරාසැල් වැසෙයි

හෙට සිට ලබන 28 දක්වා මහනුවර සුරාසැල් වැසෙයි

මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කරන හෙට (18) සිට පෙරහැර අවසන් වන ලබන 28 වැනිදා දක්වා මහනුවර ප්‍රදේශයේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් මෙම කාලසීමාව තුළ වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මීට අමතරව, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නත්තරම්පොත ග්‍රාම නිලධාරී වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි, ඉන්ධන පිරවුම්හල දක්වා වන ප්‍රදේශයේ සියලුම මත්පැන් අලෙවිසැල්ද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සාමකාමීව හා විධිමත්ව පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )