ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර හා වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මේ අතර, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ වේගයකින් තරමක් තද සුළං හමා යා හැකි බව ද දැනුම් දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )