හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන එයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට රැගෙනවිත් ඇති අතර, අදාළ නඩුව අද කැඳවීමට නියමිතයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී, සිය කාර්ය මණ්ඩලය සඳහා බව පවසමින් සේවකයින් සිව්දෙනෙකු බඳවාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන් සේවකයින් තිදෙනෙකු ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ඇති බවත්, අනෙක් සේවකයා අදාළ තනතුර සඳහා වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා නොමැති බවත් අල්ලස් කොමිසම පවසනවා.

එමඟින් අදාළ සේවකයින්ට රජයෙන් රුපියල් 2,768,836.14ක වැටුප් සහ දීමනා ගෙවීමට සලස්වා රජයට පාඩුවක් සිදුකිරීමෙන් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හිටපු අමාත්‍යවරයාට අයත් ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුද රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුද අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )