
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
ඒ, එම කොමිෂන් සභාව මගින් දැනට සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
හිටපු අමාත්‍යවරයා මේ වනවිට කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
