
ඕමානයේ සිට දිවයිනට රැගෙන ආ ‘සමිත්පුර චතූ’
රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග හෙවත් ‘සමිත්පුර චතූ’ අද උදෑසන ඕමානයේ සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
28 හැවිරිදි සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.
CATEGORIES දේශීය පුවත්
