
සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබෙනවා.
එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව සඳහායි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
පෞද්ගලික සහ වෘත්තීයමය හේතූන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සඳහන් කරමින් බුද්ධික හේවාවසම් මහතා ඊයේ (17) සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබුණා.
ඒ අනුව එම පුරප්පාඩුව සඳහා සුරංජිත් වෑවිට මහතා නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
CATEGORIES දේශීය පුවත්
