
‘කංජිපානි ඉම්රාන්ගේ’ ඥාතියෙකු ඝාතනයට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතම ඥාතියෙකු (බාප්පා) ලෙසින් සැලකෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් පසුගියදා දහවල් 1.20ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
CATEGORIES දේශීය පුවත්
