පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ඇරඹෙයි

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා.

අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු අතරතුර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවීමටද යෝජනා කර තිබෙනවා.

මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට නියමිතයි

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )