
ධූරයෙන් සමුගන්නා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ඇඩෙල් ඉබ්‍රාහිම් මහතා ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයා සිය ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
දෙරට අතර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් තානාපතිවරයා ඉටු කළ සේවය අගය කරමින් ඔහුට ස්තූතිය පළ කළ ආරක්ෂක ලේකම්වරයා, ඉදිරි කටයුතු සාර්ථක වේවායි සුබ පැතුම්ද එක්කර තිබෙනවා.
එහිදී තානාපති ඇඩෙල් ඉබ්‍රාහිම් මහතාද සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළා.
ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඊජිප්තුවේ කැපවීමද තානාපතිවරයා මෙහිදී යළි තහවුරු කර තිබෙනවා.
මීට අමතරව, දෙරට අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඉදිරි සහයෝගීතා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
