
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු තෙල් මිල ඉහළට
ඉරානය සමඟ පවතින සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ සැකය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර තෙල් මිල සඳහා ප්‍රධාන මිණුම් ලකුණක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 සීමාව ඉක්මවා ගොස්, පසුව ඩොලර් 90.87ක් දක්වා 2.65%කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිලද 2.5%කින් ඉහළ ගොස් ඩොලර් 84.50ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ඉරානය සමඟ පිළිගත හැකි ගිවිසුමක් අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට න්‍යෂ්ටික අවි ලබාගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බවද යළි අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් ලොව ප්‍රධාන බලශක්ති ප්‍රවාහ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට බාධා ඇතිවිය හැකි බවට වෙළඳපොළ තුළ නැවතත් කනස්සල්ලක් මතුව තිබෙනවා.
වාර්තා වන පරිදි යුද්ධයට පෙර දිනකට නෞකා 130කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද, පසුගිය සෙනසුරාදා සහ ඉරිදා එම සංඛ්‍යාව නෞකා 10ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර, 2026 වසර ආරම්භයේ පැවති මට්ටමට සාපේක්ෂව මේ වනවිට තෙල් මිල 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඇමරිකාවේ පෙට්‍රල් මිලද යුද්ධය ආරම්භ වූ දා සිට 36%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු අමෙරිකානු කොටස් වෙළඳපොළේද පහත වැටීමක් දක්නට ලැබුණු අතර, S&P 500 දර්ශකය 0.4%කින්ද, Nasdaq දර්ශකය 0.3%කින්ද පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
