වෙනුර එදිරිසිංහගේ සහෝදරයාගේ පුතා වෛද්‍ය පීඨයට

වෙනුර එදිරිසිංහගේ සහෝදරයාගේ පුතා වෛද්‍ය පීඨයට

වෙනුර එදිරිසිංහ යනු විබෝධ එදිරිසිංහගේ පියාගේ සහෝදරයාය. 80 දශකයේ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ නොමැකෙන සලකුණක් වූ වෙනුර, තමන් උසස් පෙළ හැදෑරූ වසරේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා වූ දක්ෂයෙකි. ඔහු කොළඹ වෛද්‍ය පීඨයට පිවිසෙන සමයේ, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබුණි.
​අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වෙනුර ඇතුළු ශිෂ්‍ය නායකයන් කොන්දේසි විරහිතව සටන් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට පැවති රජය ඔහුව පැහැරගෙන ගොස් අමානුෂික වධබන්ධනවලට ලක් කළේය.
​ඝාතනයට මොහොතකට පෙර, ඔහුගේ අත්වල ඇඟිලි පුරුක් එකින් එක කපා ඉවත් කරද්දීත්, වෙනුර සැලුනේ නැත. වෑස්සෙන රුධිරයෙන් බිත්තිය මත ඔහු මෙසේ සටහන් කළේය:
​”මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප සටන් වැදුනෙමු..! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා..!”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )