ඇමසන් කැලයෙන් ටාසන්ට හමුවූ ඕස්ට්‍රේලියාවේ සුරූපී කෙල්ල Jordan Hauenschild

ඇමසන් කැලයෙන් ටාසන්ට හමුවූ ඕස්ට්‍රේලියාවේ සුරූපී කෙල්ල Jordan Hauenschild

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පදිංචි 26 හැවිරිදි ජෝර්දාන් හවුෙන්ස්චයිල්ඩ්ගේ (Jordan Hauenschild) ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ ඇය අහම්බෙන් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඉක්වදෝරයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන 24 හැවිරිදි පිටියුරුක්ව (Pitiuruk) හඳුනා ගැනීමත් සමඟයි. ඔවුන් දෙදෙනා අතර ඇති වූ නිරන්තර සංවාදය කෙමෙන් ප්‍රේමයකට පෙරළුණු අතර, සිව්මසක ඇසුරකින් පසු ජෝර්දාන් සිය කාර්යාලීය රැකියාවෙන් ඉල්ලා අස්වී ඔහුව හමුවීමට තීරණය කළාය. ගුවන් ගමන් හතරක් සහ පැය පහක බස් ගමනක් ඇතුළුව පැය 30කට අධික වෙහෙසකර ගමනකින් පසු ඇය ඇමසන් වනාන්තරයේ පිහිටි පිටියුරුක්ගේ නිවසට ළඟා වූවාය.
පිටියුරුක් සහ ඔහුගේ පවුලේ අය ජෝර්දාන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එහිදී ඇයට ගත කිරීමට ලැබුණේ ඇය මෙතෙක් හුරුපුරුදු වූ නාගරික ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමකි. බෙර හඬින් අවදි වීම, වඳුරන් සමඟ සෙල්ලම් කිරීම, ඔරු පැදීම සහ දියඇලි යට කාලය ගත කිරීම වැනි සොඳුරු අත්දැකීම් රාශියක් ඇය එහිදී අත් වින්දාය. ජෝර්දාන් සිය අපූරු ආදර කතාව ටික්ටොක් (TikTok) ඔස්සේ ලොවට හෙළි කළ අතර එය මිලියන සංඛ්‍යාත ජනයා අතර අතිශය ජනප්‍රිය විය. ඇය නැවතත් තම ආදරවන්තයා හමුවීමට යාම සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් පවා හිමි කර ගනිමින් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූවාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )