මෙය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව “සූරාකෑමක්” x පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් කියයි

මෙය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව “සූරාකෑමක්” x පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් කියයි

ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ මේ සංශෝධනය හරහා බදු අනුපාත වැඩි කිරීමත්, බදු අයකිරීම් තවත් දැඩි කිරීමත් එකවර සිදු වන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සෘජු බලපෑමක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම මෙය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව “සූරාකෑමක්” ලෙසයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

බදු පමණක් වැඩි කරලා ආර්ථිකයක් වර්ධනය කරන්න බැහැ කියලාද ඔහු පෙන්වා දෙනවා.

ව්‍යාපාරවලට හුස්ම ගන්නවත් ඉඩක් නැති වුණොත් ඒවා පවත්වාගෙන යාමත්, දියුණු කිරීමත් අසීරු වන බවත් ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )