මත්පෙති 300ක් සමඟ පුද්ගලයෙකු මොරටුවේදී අත්අඩංගුවට

මත්පෙති 300ක් සමඟ පුද්ගලයෙකු මොරටුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී PREGABALIN වර්ගයේ මත් පෙති 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම 2026 මැයි 04 වනදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී සිදුකර ඇති අතර, නිවසක් තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර සඟවා තිබූ මත් පෙති තොගයද එහිදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිස්ස පොලීසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )