උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට

උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට

බහාලුම් 323ක් ආන්දෝලනාත්මක ලෙස රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ උදය ගම්මන්පිල මහතා අද (05) දින පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහාය.

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබාදුන් බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කරමින් පවතින මෙම ක්‍රියාවලිය තුළ, වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් කරුණු සොයා බැලීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරිය හැකි බවට පෙන්වා දෙමින්, ජනාධිපතිවරයා, වරාය කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බවද උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් එම පාර්ශවයන්ට අසාධාරණයක් සිදුවන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )