ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම වැඩ අරඹයි

ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම වැඩ අරඹයි

2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ සිදු කළ ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාව කොළඹ 12, අධිකරණ මාවතේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 5 වන මහලේ ස්ථාපිත කර ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව, මෙම කාරණයට අදාළ තොරතුරු මහජනතාවට හෝ ආයතනවලට තිබේ නම්, එම තොරතුරු මැයි 22 වනදාට පෙර කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සහ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම්වලදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙම කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )