ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් අත්අඩංගුවට

‘ඩුබායි සුද්දා’ කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙක් බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ඒ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නාත් ඉන්න බවයි පොලිසිය කියන්නේ.

මත්ද්‍රව්‍ය පැකට් කරන තැනක් වටලා කරන ලද මෙහෙයුමකදී තමයි මේ පිරිස අල්ලගෙන තියෙන්නේ.

එහිදී රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමක් තියෙන හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් ග්‍රෑම් 25ක්, මත්ද්‍රව්‍ය පැකට් කරන්න භාවිත කරන විශේෂ කඩදාසි, ඉටිකොළ, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිසිය භාරයට අරගෙන තිබෙනවා.

බණ්ඩාරගම වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් ඉන්නවා කියලා ලැබුණු තොරතුරකට අනුවයි මේ වැටලීම කරලා තියෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් සිදුකරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )