රතුගල නව ආදිවාසී නායකයා පැමිණේ

රතුගල නව ආදිවාසී නායකයා පැමිණේ

රතුගල ආදිවාසී නව නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර ඇත. ඔහු මියගිය සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා වේ.

අසනීපයෙන් පසුව පසුගියදා සුදාවන්නිල ඇත්තන් මිය ගිය අතර, ඔහුගේ අවසන් කටයුතු අද (09) රතුගලදී චාරිත්‍රානුකූලව සිදු කෙරිණි. ඔහුගේ දේහය ඔහු ජීවත් වූ ඉඩමේම භූමදානය කර ඇත.

අවසන් කටයුතු වලදී දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් සුදාවන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායක නිශාන්ත කුමාර ඇත්තන් වෙත භාරදී ඇති අතර, එය නායකත්ව අනුප්‍රාප්තිය සංකේතවත් කරන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )