විදුලි ගාස්තු ඉහළ යෑමේ බලපෑම ජල බිලටත් ? අවසන් තීරණය ජූනි 30

විදුලි ගාස්තු ඉහළ යෑමේ බලපෑම ජල බිලටත් ? අවසන් තීරණය ජූනි 30

ජල බිල සමාලෝචනය කිරීම ලබන ජූනි 30 වනදා සිදු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

වසරකට දෙවරක් ජල ගාස්තු සංශෝධනය කරනු ලබන බවත්, ඒ අනුව ජූනි 30 වනදා පවතින ආර්ථික සහ මෙහෙයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නව සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ජල සැපයුම් සේවාව පවත්වාගෙන යාමේ පිරිවැය සහ වත්මන් තත්ත්වය අනුව මෙම සමාලෝචනය සිදු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )