ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් දන්දීමේ උනන්දුව ඉහළට…

ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් දන්දීමේ උනන්දුව ඉහළට…

මෙරට ජනතාවගෙන් සියයට 84ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර වසර 15ක කාලයක් තුළ අක්ෂි කුණිත 17,000ක් ලබාගෙන ඇති අතර, ඒවා රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදේශ රටවල අවශ්‍යතා සඳහා අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙම අක්ෂි බැංකුවට සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවලින්ද ඉහළ ඉල්ලුමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )