අලුතින් ණය ගන්නේ නැතුව මධ්‍යම අධිවේගය හදන්න ආණ්ඩුවෙන් බිලියන 112ක් වෙන්කරයි

අලුතින් ණය ගන්නේ නැතුව මධ්‍යම අධිවේගය හදන්න ආණ්ඩුවෙන් බිලියන 112ක් වෙන්කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස සඳහා කැබිනට් අනුමැතිය ලැබීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට සාක්ෂියක් කියලා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු කියන්නේ, මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය විසින්ම වෙන් කරන බවයි. ඒ වගේම මේ සඳහා අලුත් ණය ලබාගැනීමක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කලකට පෙර “දුරස්ථ සිහිනයක්” ලෙස පෙනුණු මේ ව්‍යාපෘතිය, පසුගිය මාස 18 තුළ මුදල් අමාත්‍යාංශයේ නායකත්වය යටතේ දැන් සැබෑවක් බවට පත්වී ඇති බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )