ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයක් කොළඹ ජාතික රෝහලේ

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයක් කොළඹ ජාතික රෝහලේ

සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්ව සිටියා.

මෙවර ජාත්‍යන්තර හෙද දින තේමාව ලෙස “අපේ හෙද නිලධාරීන් අපේ අනාගතය – බලගැන්වූ හෙද සේවය ජීවිත සුරකියි” යන්න යොදාගෙන තිබුණා.

හෙදියන් සෞඛ්‍ය පද්ධතියට සහ සමාජයට ලබාදෙන සේවය ඇගයීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, ඒහිදී විශේෂ දේශන කිහිපයක්ද පැවැත්වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මලා රත්නායක මහත්මීන් ප්‍රධාන දේශන පැවැත්වූ අතර, ලෝක හෙද සේවයේ නිර්තෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ගුණානුස්මරණයද සිදු කෙරුණා.

එමෙන්ම “හෙදකම” නමැති සඟරාව නිල වශයෙන් එළිදැක්වීමත් මෙම අවස්ථාවේදී සිදුවුණා.

මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ හෙද ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහ සමස්ත ලංකා හෙද සංගමයේ සාමාජිකයින්ද එක්ව සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )