රුහුණු කුමාරි දුම්රියට ගොඩවීමට ගත් උත්සාහය වරදී අවට පිරිසේ මැදිහත් වීමෙන් ජීවිතය ගලවා ගනී

රුහුණු කුමාරි දුම්රියට ගොඩවීමට ගත් උත්සාහය වරදී අවට පිරිසේ මැදිහත් වීමෙන් ජීවිතය ගලවා ගනී

අද උදෑසන කොළඹ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අතිශය අනතුරුදායක තත්ත්වයකින් බේරී තිබෙනවා.

වාර්තා වෙන්නේ රුහුණු කුමාරි වෙරළබඩ දුම්රියට ගොඩවීමට උත්සාහ කළ මගියෙකු, උදෑසන පැවති තද වැසි හේතුවෙන් ලිස්සා ගොස් දුම්රියත් පදික වේදිකාවත් අතර සිරවී ඇති බවයි.

එම අවස්ථාවේදී එහි සිටි අනෙක් දුම්රිය මගීන් ඉක්මනින් ක්‍රියාත්මක වී එම පුද්ගලයා බේරාගෙන තිබෙනවා.

වාසනාවකට ඔහු බරපතල තුවාල නොමැතිව දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )