චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත විවෘත අධිකරණයේ දී කියයි

චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත විවෘත අධිකරණයේ දී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කරලා තිබුණු නඩුවක් අද කොළඹ මහාධිකරණයේදී කැඳවුණා.

එහිදී, “මේ චෝදනාව ඉදිරියට ගෙනියන්න බෑ” කියලා යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දාපු මූලික විරෝධතාව අධිකරණය ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා කියා සිටියේ, විත්ති පාර්ශවය ඉදිරිපත් කරපු එම විරෝධතාවට පදනමක් නැති බවයි. ඒ නිසා චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නැහැ කියලත් විනිසුරුවරයා සඳහන් කළා.

ඊට පස්සේ යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍රය කියවා දුන්නා. එහිදී ඔහු කියා සිටියේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ අනුව නඩු විභාගය ආරම්භ කරන්න විනිසුරුවරයා නියෝග කළා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )