කර්කස්වෝල් වතුයායට බඹර ප්‍රහාරයක්

කර්කස්වෝල් වතුයායට බඹර ප්‍රහාරයක්

බගවන්තලාව ප්‍රදේශයේ වතුයායක අද (14) තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව කාන්තාවන් 5 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

වතුයායේ ගසක තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දී එය බිඳී යාමත් සමඟ බඹර කුපිත වී මෙම ප්‍රහාරය සිදුව ඇති බවට වාර්තා වෙනවා. තුවාල ලැබූ අය වතුයායේ ගිලන් රථයෙන් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )