කාලගුණ රතු නිවේදනය – මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි සියලු දෙනා පරස්සම් වන්න!

කාලගුණ රතු නිවේදනය – මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි සියලු දෙනා පරස්සම් වන්න!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා රතු කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද (14) පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා වලංගු වන අතර, ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බවද සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද උදෑසන ලබාගත් දත්ත අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බවයි. එය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ඊට අමතරව උතුරු පළාතේද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කර ඇත.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )