පෑන් පිස්තෝලයක් සමග අයෙක් CCD අත්අඩංගුවට

පෑන් පිස්තෝලයක් සමග අයෙක් CCD අත්අඩංගුවට

පෑනක හැඩයෙන් නිර්මාණය කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

රැඳවුම් නියෝග මත සිටින ප්‍රභාත් මධුසංක නොහොත් “මිදිගම චූටි” නමැති සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු වැලිගම, ඉබ්බාවල තුන්තිරිහේන ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව නිවස පරීක්ෂා කිරීමේදී පෑනක හැඩයෙන් සැකසූ ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මෙම ගිනි අවිය ඔහුට ලැබුණු ආකාරය, එය අපරාධ සඳහා භාවිත කර ඇත්ද යන්න සහ අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා තිබේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )