නුවරඑළිය ගොවීන් සිය අර්තාපල් අස්වැන්න රජයට ලබා දෙයි. රජයෙන් අල කිලෝවකට රු. 220 ක සහතික මිලක්!

නුවරඑළිය ගොවීන් සිය අර්තාපල් අස්වැන්න රජයට ලබා දෙයි. රජයෙන් අල කිලෝවකට රු. 220 ක සහතික මිලක්!

නුවරඑළිය අර්තාපල් ගොවීන්ට සහනයක් දෙමින් රජය දේශීය අර්තාපල් අස්වැන්න රුපියල් 220 ක සහතික මිලකට මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.

මේ වැඩසටහන පසුගිය 10 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන්නේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ සමුපකාර කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී. ඒ අනුව එක් ගොවියෙකුගෙන් දිනකට උපරිම අර්තාපල් කිලෝ 1000ක් දක්වා, කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගන්නවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුණත් ගොවීන් තම අස්වැන්න එම මධ්‍යස්ථානයට රැගෙන එමින් සිටිනවා.

ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා අර්තාපල් තොග පසුව ලංකා සතොස අලෙවිසැල් වෙත යවා, පාරිභෝගිකයන්ටත් සහන මිලට ලබාදීමට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මෙම වැඩපිළිවෙළ හරහා අතරමැදියන්ගේ බලපෑම අඩු කරලා ගොවියාට නිසි මිලක් ලබාදීමත්, පාරිභෝගිකයාටත් ගුණාත්මක දේශීය අර්තාපල් සාධාරණ මිලකට ලබාදීමත් අරමුණ වී තිබෙනවා.

මේ අතර, අර්තාපල් මිලදී ගැනීමේ කටයුතු නිරීක්ෂණය සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාද එම ස්ථානයට එක්ව සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )