මත්ද්‍රව්‍ය ජාලවලට දැඩි ප්‍රහාරයක්: “රටම එකට” මෙහෙයුමෙන් සැකකරුවන් 734ක් කොටු!

මත්ද්‍රව්‍ය ජාලවලට දැඩි ප්‍රහාරයක්: “රටම එකට” මෙහෙයුමෙන් සැකකරුවන් 734ක් කොටු!

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාල මැඩපැවැත්වීම සඳහා සිදුකරන වැටලීම් තවදුරටත් දැඩි කරලා තියෙනවා.

2026 මැයි 14 වෙනිදා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වාර්තා අනුව,

හෙරොයින් වැටලීම් 249ක්
අයිස් වැටලීම් 309ක්
කොකේන් වැටලීම් 2ක්
ගංජා කිලෝ 3යි ග්‍රෑම් 316ක්
ගංජා පැළ 2127ක්
කුෂ් වැටලීම් 42ක්
හෂීෂ් ග්‍රෑම් 8ක්
මත්පෙති 747ක්
මදනමෝදක ග්‍රෑම් 466ක්
මාවා ග්‍රෑම් 89ක්
සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් අතරතුර සැකකරුවන් 734 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකු සඳහා රැඳවුම් නියෝගද ලබාගෙන තිබෙනවා.

සමස්ත වැටලීම් සංඛ්‍යාව 786ක් වන අතර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම සඳහා පුද්ගලයින් 5 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම “රටම එකට” මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල බිඳ දැමීමත්, ඒවාට ඇති ඉල්ලුම අඩු කිරීමත්, ජනතාව දැනුවත් කිරීමත් කියලා සඳහන් වෙනවා

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )