ලබන සතියේ උතුරු ඉන්දියාව පුරාම දැඩි උණුසුම් කාලගුණයක්

ලබන සතියේ උතුරු ඉන්දියාව පුරාම දැඩි උණුසුම් කාලගුණයක්

ඉන්දියාවේ ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට, ලබන සතියේ උතුරු ඉන්දියාව පුරාම දැඩි උණුසුම් කාලගුණයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒත් එක්කම දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා යන්නත් පුළුවන් කියලා ඔවුන් අනාවැකි පළ කරලා තියෙනවා.

කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ සඳුදා ඉඳලා තාප තරංග තත්ත්වය දිගටම පවතින්න ඉඩ තියෙන බවයි. ඒ අනුව දිල්ලි නුවර උපරිම උෂ්ණත්වය 43°Cත් 45°Cත් අතර පරාසයකත්, අවම උෂ්ණත්වය 25°Cත් 27°Cත් අතරත් පවතිනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

ඒත් මේ වෙද්දි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එකෙන් වර්ණ කේත සහිත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරලා නැහැ. හැබැයි දිවා කාලයේ තද සුළං තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ අනුව සුළං වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර පවතින අතර, සමහර වෙලාවට පැයට කිලෝමීටර් 40 දක්වාත් වැඩි වෙන්න පුළුවන්.

එසේම, මැයි 18 සිට මැයි 20 දක්වා දිල්ලියේ උපරිම උෂ්ණත්වය දිගටම 43°Cත් 45°Cත් අතර පරාසයක පවතිනු ඇතැයිද ඉන්දියාවේ ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවත් දැනුම් දී තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )