රණවිරු සැමරුම් දින පෙරහුරු උත්සවයට බාධා කළ විමල් වීරවංශට වැඩ වරදී

රණවිරු සැමරුම් දින පෙරහුරු උත්සවයට බාධා කළ විමල් වීරවංශට වැඩ වරදී

ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් හෙට (19) පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ පෙරහුරුව අද පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල පැවැත්වුණා.

පොලීසිය කියන්නේ, ඒ වෙලාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමියට ඇතුළු වෙන්න උත්සාහ කරලා තියෙනවා කියලයි.

එම පිරිස පෙරහුරු කටයුතු සහ නිලධාරීන්ගේ රාජකාරි වලට බාධා වන ආකාරයෙන් කටයුතු කළ බවත්, පොලිස් නිලධාරීන් මැදිහත් වෙලා එම උත්සාහය වළක්වා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කළ බවත් සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න නියමිත බවද පොලීසිය ප්‍රකාශ කරලා තියෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )