ජපානයට රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක්

ජපානයට රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක්

ජපානයේ දකුණු කගෝෂිමා ප්‍රදේශයේ අද (බදාදා) රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

භූකම්පනයත් සමඟ ගොඩනැගිලි සෙලවී ජනතාව අතර භීතියක් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති අතර ජීවිත හානි හෝ විශාල දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ ඔකිනාවා ප්‍රධාන දූපත ආසන්නයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බවත්, පසුකම්පන ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත්ය.

ජපානය භූමිකම්පා බහුලව සිදුවන “පැසිෆික් ගිනි වළල්ල” කලාපයේ පිහිටා ඇති නිසා මෙවැනි කම්පන නිතර අත්විඳින රටක් ලෙස සැලකෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )