
“අප සතු අතිශය පොහොසත් යුරේනියම් කාටවත් දෙන්නෙ නෑ – Ayatollah Khamenei
ඉරානයේ උසස් නායකයා වන Ayatollah Mojtaba Khamenei ඉරානය සතුව ඇති අතිශය පොහොසත් යුරේනියම් තොගය රටෙන් පිටතට යැවිය නොහැකි බවට නියෝගයක් ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.
මෙය ඇමරිකාව ඉල්ලන ප්‍රධාන කොන්දේසියකට එරෙහි තීරණයක් ලෙස සැලකෙන අතර, සාම සාකච්ඡා තවත් සංකීර්ණ විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Benjamin Netanyahu පවසා ඇත්තේ, ඉරානයේ පොහොසත් කළ යුරේනියම් ඉවත් කිරීම, මිසයිල වැඩසටහන් නතර කිරීම සහ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය නවත්වන තුරු යුද්ධය අවසන් නොවන බවයි.
ඉරානය නම් පවසන්නේ තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවයි.
CATEGORIES විදේශීය පුවත්
