හොර නෝට්ටු ජාවාරමකට සම්බන්ධ හයක් ගල්කිස්සෙන් අල්ලයි

හොර නෝට්ටු ජාවාරමකට සම්බන්ධ හයක් ගල්කිස්සෙන් අල්ලයි

ව්‍යාජ සල්ලි මුද්‍රණය කරලා බෙදාහරින ලොකු ජාවාරමකට සම්බන්ධ කට්ටියක් පොලීසිය අල්ලගෙන තියෙනවා. ඒකේ පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා කියනවා.

මෙයාලා ළඟ තිබිලා තියෙන්නේ ව්‍යාජ නෝට්ටු සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා “අයිස්” මත්ද්‍රව්‍ය.

අල්ලපු අය අතර “කස්සා” කියලා හඳුන්වන, සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ කසුන් ධනුෂ්ක පීරිස් කියන කෙනාත් ඉන්නවා කියලා පොලීසිය කියනවා.

මේ ජාවාරමේ ප්‍රධාන කෙනා ගැනත් පොලීසියට තොරතුරු ලැබිලා තියෙනවා, ඒ ගැන තව විමර්ශන කරගෙන යනවා කියලාත් සඳහන්.

පොලීසියට හමුවෙලා තියෙන්නේ රුපියල් 5000 නෝට්ටු 2ක්, 2000 නෝට්ටු 21ක්, සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91කට වැඩි ප්‍රමාණයක්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )