අක්‍රීයව තිබූ රිදියගම සමනල උද්‍යානයට අලුත් ජීවයක්

අක්‍රීයව තිබූ රිදියගම සමනල උද්‍යානයට අලුත් ජීවයක්

රිදියගම සෆාරි උද්‍යානයේ අක්‍රීයව පැවති සමනල උද්‍යානය නවීකරණය කර යළි මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එළැඹෙන ජුනි 3 වැනිදා සිට මෙම සමනල උද්‍යානය නැවත ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බවයි.

නිසි නඩත්තු කටයුතු නොමැතිවීම හේතුවෙන් කලක සිට මෙම උද්‍යානය අක්‍රීය තත්ත්වයක පැවති බවත් සඳහන්.

පරිසර දිනයට සමගාමීව නවීකරණ කටයුතු සිදුකර ඇති අතර, සමනලුන්ට සුදුසු විශේෂ පැළෑටි වර්ග රෝපණය කර උද්‍යානය තවත් අලංකාරවත් කර තිබෙනවා.

ඒ අනුව නැරඹීමට පැමිණෙන අයට වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )