නවසීලන්තයේදී විදේශ ඇමති විජිතට ලැබුණු අමුතුම පිළිගිනීම

නවසීලන්තයේදී විදේශ ඇමති විජිතට ලැබුණු අමුතුම පිළිගිනීම

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා නවසීලන්තයේ නිල සංචාරය ආරම්භ කරමින් අද (27) උදෑසන එරටට පැමිණ තිබෙනවා.

එහිදී නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේදී ඔහුට සාම්ප්‍රදායික මාවෝරි ‘Pōwhiri’ පිළිගැනීමක් හිමිව තිබුණා. එවැනි විශේෂ පිළිගැනීමක් ලබන ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා වීමට ලැබීම තමන්ට ලැබුණු විශාල ගෞරවයක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Pōwhiri කියන්නේ නවසීලන්තයේ මාවෝරි ජනතාවගේ සාම්ප්‍රදායික පිළිගැනීමේ චාරිත්‍රයක්. සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ මාරාඒ (Marae) නම් මාවෝරි සමාජ ශාලාවකදී. එයට පැමිණෙන අමුත්තන් නිල වශයෙන් පිළිගැනීම මෙහි අරමුණයි.

මෙය සරල ආචාරයක් විතරක් නෙවෙයි. අමුත්තන් සහ සත්කාරකයන් අතර ඇති ආරම්භක බිය, සැක දුරු කරලා ඔවුන් අතර ගෞරවය සහ බැඳීමක් ඇති කරන, ඉතාම සංස්කෘතික වැදගත්කමක් තියෙන චාරිත්‍රයක් ලෙස සැලකෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )