සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට අති විශේෂ ගැසට්ටුවක් නිවේදනයක්

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට අති විශේෂ ගැසට්ටුවක් නිවේදනයක්

දිට්වා සුළිකුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ බලතල යටතේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව විදුලි බලය, ජලය, ඉන්ධන හා ගෑස් සැපයීම, රෝහල් සහ ගිලන් රථ සේවා, පොදු ප්‍රවාහනය, දුරකථන හා මාධ්‍ය සේවා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා රැසක් මෙලෙස ප්‍රකාශයට පත් කරලා.

එමෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවා, ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම, වාරිමාර්ග, කෘෂිකාර්මික සහ රාජ්‍ය බැංකු සේවාද අත්‍යාවශ්‍ය සේවා අතරට ඇතුළත් කර තියෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )