ඩයමන්ඩ් ලීග් ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ විශිෂ්ටතම දක්ෂතාව රුමේෂ් ගෙන්

ඩයමන්ඩ් ලීග් ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ විශිෂ්ටතම දක්ෂතාව රුමේෂ් ගෙන්

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් එක්වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රබාත් අදියරේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වුණා.

ඔහු මීටර් 85.97ක දුරක් හෙල්ලය විසි කරමින් මෙම දක්ෂතාව වාර්තා කළ අතර, ඩයමන්ඩ් ලීග් තරගාවලියක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ස්ථානය මෙය ලෙස සැලකෙනවා.

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ Anderson Peters වන අතර, හිටපු ලෝක ශූර Keshorn Walcott පවා රුමේෂ්ට පසුපසින් අවසන් කිරීම විශේෂත්වයක්.

වීසා ප්‍රමාදයන් හේතුවෙන් තරගයට පෙර ප්‍රමාණවත් විවේකයක් නොලැබූ රුමේෂ්, සිය පළමු ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීම මෙම විශිෂ්ට දක්ෂතාව දැක්වීම ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය දිනාගෙන තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )