
දෙවැනි වරටත් IPL කිරුළ RCBට
2026 IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 5කින් පරාජයට පත් කරමින්.
රාජාත් පටිදාර්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ බැංග්ලෝර් කණ්ඩායම ලකුණු 156ක ඉලක්කයක් හඹා යමින් පන්දුවාර 18 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 161ක් රැස්කර ජයග්‍රහණය වාර්තා කළා.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංණයේදි හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බැංග්ලෝර් නායකයා පළමුව පන්දුවට පහරදීමට ගුජරාට් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එහි ආරම්භක කඩුලු දෙක ලකුණු 26ක් තුළ බිඳ වැටීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඉලක්කය පන්දුවාර 18කදී සපුරා ගනිමින් සිය IPL ඉතිහාසයේ දෙවැනි ශූරතාව තමන් සතු කරගත්තා.
