
අපේ සියලු යුධ නැව් විනාශ කරන්න චීනයට යන්නෙ විනාඩි 20යි ඔවුන්ගේ hypersonic මිසයිල ඒ තරම් ප්‍රභලයි – Pete Hegseth
ඇමරිකාවේ ආරක්ෂක ලේකම් Pete Hegseth කියන්නේ, අද ලෝකයේ යුධ බල සමතුලිතතාවය ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා.
ඔහු කියන විදිහට, චීනයේ තියෙන අති නවීන හයිපර්සොනික මිසයිල තාක්ෂණය ඉතාමත් භයානක මට්ටමකට ළඟා වෙලා තියෙනවා.
සරලව කිව්වොත්, මේ මිසයිල වර්ගය සාමාන්‍ය මිසයිල වලට වඩා බොහෝ වේගයෙන් යනවා. ඒවා අහසේදිම මාරු වෙන්න (maneuver) පුළුවන් නිසා, ඒවා අල්ලන්නත්, නවත්වන්නත් බොහොම අමාරුයි.
ඒකේම භයානකම කතාව තමයි ඔහු කියන විදිහට, මේ වගේ මිසයිල ප්‍රහාරයක් ඇත්නම්, මිනිත්තු 20ක් ඇතුළත ඇමරිකාවේ සියලුම aircraft carriers (යුධ නෞකා) විනාශ කරන්නත් හැකි වෙන්න පුළුවන් කියලා
CATEGORIES විදේශීය පුවත්
