
තලවතුගොඩ අවන්හලක ගින්නක් සිව්දෙනෙකුට තුවාල
තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක අද(09) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.එලෙස ඇති වූ ගින්නෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .
