ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව සඳහන් වෙනවා.

එම සංවාදය අතරතුර, IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා දුන් සහාය සහ එම නෞකාවේ මියගිය නාවිකයින්ගේ සහ අනෙකුත් ඉරාන නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට කටයුතු කළ ආකාරය ගැන ඉරාන පාර්ශ්වය කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සඳහන් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )