ජාතික කොඩියට අපහාස කළැයි පණ්ඩ්‍යාට පැමිණිල්ලක්

ජාතික කොඩියට අපහාස කළැයි පණ්ඩ්‍යාට පැමිණිල්ලක්

ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පූනෛහි නීතිඥවරයෙක් විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාණ්ඩ්‍යා ජාතික කොඩියට අගෞරවයක් ඇති වන අයුරින් සිය සැමැරුම් සිදු කර ඇති බව නීතිඥවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා සාක්ෂි ලෙස හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩිය සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක්, එම කොඩිය සිය සිරුර වටා දවටාගෙන වේදිකාවේ වැතිර සිටින ආකාරයක් ද දැක්වෙයි. ඔහු ඉන්දිය ජාතික කොඩිය සිට ඉනෙහි ගැටගසා ගනිමින් සිය පෙම්වතිය සමඟ නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නීතිඥවරයා විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )