හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

“Walk for Peace” වැඩසටහන කොළඹ කේන්ද්‍ර කරගෙන හෙට (28) පැවැත්වෙනවා කියලා පොලීසිය කියනවා. ඒකට අදාළව විශේෂ රථවාහන සැලැස්මක්ත් දාන්න යනවා.

මේ වැඩසටහන සවස 4ට නිදහස් චතුරස්‍රයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ හින්දා කොළඹ රථවාහන කොට්ඨාසය හෙට උදේ 11 ඉඳලා, තත්ත්වය අනුව මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කරන්න සැලසුම් කරලා තියෙනවා.

සීමා වෙන්න පුළුවන් ප්‍රදේශ අතර බණ්ඩාරනායක වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය දක්වා, මරදාන පාර, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, හෝර්ටන් වටරවුම, නිදහස් මාවත, ගංගාරාම විහාරය අවට පාරවල් වගේ ප්‍රදේශ රැසක් ඇතුළත්.

ඒ නිසා මේ කාලයේ ටිකක් ට්‍රැෆික් වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් වැළකෙන්න පුළුවන් නම් විකල්ප පාරවල් භාවිතා කරන්න කියලා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )