පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්

ඉලවාලෙයි පොලීසිය අද (27) උදේ අල්ලපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, 29 වෙනිදා දක්වා රිමාන්ඩ් කරලා තියෙනවා.

ඔහු මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ තමයි මේ නියෝගය දීලා තියෙන්නේ.

මේක සම්බන්ධ වෙන්නේ පසුගිය 25 වෙනිදා යාපනයේ පෙරියවිලාන් පැත්තෙන් වෙච්ච සිද්ධියකට. එදා මන්ත්‍රීවරයා ගිනි අවියක් අතේ තියෙද්දි කාන්තාවකට තර්ජනයක් කළා කියලා කියනවා.

මේ ප්‍රශ්නය උත්පන්න වෙලා තියෙන්නේ ඉඩමක් ගැන ගැටුමක් නිසා. ඒ ඉඩම තමන්ට අයිති කියලා මන්ත්‍රීවරයා කියනවා, ඒකටම තවත් කාන්තාවක්ත් අයිතිය කියලා දාගෙන තියෙනවා. ඒ ගැන නඩුවක් දැනටමත් අධිකරණයේ යනවා.

එදා මන්ත්‍රීවරයා ඉඩම පිරිසිදු කරගෙන ඉද්දි, කාන්තාවන් දෙන්නෙක් එතනට ඇවිත් “මේකේ කොටසක් අපිට අයිති” කියලා බහින් බස්වීමක් පටන් අරගෙන තියෙනවා.

ඒ බහින් බස්වීම ටිකක් තද වෙලා ගිය නිසා, අන්තිමේ මන්ත්‍රීවරයා මේ විදිහට තර්ජනය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )