විදුලි සැර වැදී කාන්තාවක් මරුට

විදුලි සැර වැදී කාන්තාවක් මරුට

තලාතුඔය ඉඹුලේතැන්න ප්‍රදේශයේදී කාන්තාවකට විදුලිසැර වැදීමෙන් ඊයේ සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව තලාතුඔය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 83ක් වූ ඉඹුලේතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇයගේ නිවසේ රූපවාහිනී ඇන්ටනාවකට සම්බන්ධ කර තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )