අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි

අද පස්වරු 1ට පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.

විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමහර තැන්වලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ලැබෙන්න ඉඩ තියෙනවා.

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ නම් උදේ වෙලාවෙත් වැසි ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල සමහර ප්‍රදේශවල අළුයම් වෙලාවේ මීදුම් තත්ත්වයක්ත් ඇති වෙයි කියලා දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි එක්ක එන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු නිසා අනතුරු වෙන්න පුළුවන් නිසා ජනතාව අවධානයෙන් ඉන්න කියලාත් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )