රුසියානු සෞඛ්‍ය ඇමැති මෙරට තෙදින නිල සංචාරයක

රුසියානු සෞඛ්‍ය ඇමැති මෙරට තෙදින නිල සංචාරයක

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) ඇතුළු පිරිසක් මැයි 3 වෙනිදා දවස් තුනක නිල සංචාරයක් සඳහා ලංකාවට එන්න නියමිතයි.

මෙහෙදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙරටේ සෞඛ්‍ය සහයෝගීතාව වැඩිදියුණු කරන විදිහ ගැන විශේෂ සාකච්ඡාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මැයි 4 වෙනිදා කොළඹ ජාතික රෝහලත්, කොළඹ වෛද්‍ය පීඨයත් බලන්න යන්නත් සැලසුම් කරලා තියෙනවා. දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා කිහිපයකටත් අත්සන් තැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මෙම සංචාරයේදී ඖෂධ, වෛද්‍ය උපකරණ, වෛද්‍යවරුන්ගේ පුහුණුව, උසස් අධ්‍යාපන සහයෝගීතාව, ආයුර්වේද ක්ෂේත්‍රය සහ medical tourism වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )