පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළා කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත්තේ කියලා පොලිසිය කියන්නේ.

පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කරන්න ගිය වෙලාවේ, එතැනදී බහින්බස් වීමක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු ගිනි අවියක් අතේ තියන් ඉන්න දර්ශනත් සමාජ මාධ්‍යවල පැතිරිලා තිබුණා.

ඒ සිද්ධිය ගැන කරපු විමර්ශන වලින් පස්සේ තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා පොලිසිය වැඩිදුරටත් කියනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )